Skip to content
V
පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව ලබන වසර දක්වා කල්යයි
featured news - උණුසුම් පුවත්

පාඨලීට එරෙහි රිය අනතුරු නඩුව ලබන වසර දක්වා කල්යයි

By News Room · 2 October 2024

පසුගිය යහපාලන රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව 2025 පෙබරවාරි මස 28 වන දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේ ය. 

එම අවස්ථාවේ දී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කර තිබුණි. 

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. 

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව 2025 පෙබරවාරි මස 28 වන දා කැඳවන ලෙස නියෝග කළේය.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කර පුද්ගලයෙකු අනතුරට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026