Skip to content
V
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් අවුරුදු 6ක පිරිමි දරුවකු ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් අවුරුදු 6ක පිරිමි දරුවකු ජීවිතක්ෂයට

By News Room · 31 March 2025

කළුතර, ගමගොඩ පාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළා යැයි සැක කෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකු මියගොස් තිබෙනවා.

29 වැනිදා රාත්‍රී 10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ මෙම ප්‍රහාරයෙන් රූපවාහිනිය නරඹමින් සිටි එම දරුවා සහ නිවසේ සිටි වයස අවුරුදු 28ක් පමණ වන කාන්තාවක් තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔවුන් දෙදෙනා කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරු කර යවා ඇති බවත්, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පහරදීමට සම්බන්ධ කිසිදු පුද්ගලයකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදීම කුමන හේතුවක් නිසා සිදුව ඇද්ද යන්න පිළිබඳව ද මේ වනතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026