Skip to content
V
පුටින්ගේ නිල රථයක් ගිනිගනී
featured news - උණුසුම් පුවත්

පුටින්ගේ නිල රථයක් ගිනිගනී

By News Room · 30 March 2025

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නිල රථවාහන සමූහයට අයත් ලිමොසින් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබේ. එම මෝටර් රථය මොස්කව් නගරයේ වීදියක ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

අමෙරිකානු ඩොලර් 357,000ක් පමණ වටිනාකමින් යුතු මෝටර් රථයක් මෙලෙස ගිනි ගෙන විනාශ වී ඇති බව සඳහන් වේ. කෙසේවෙතත් මෙය පුටින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව කනස්සල්ල ඇතිකරන සිදුවීමක් ලෙස ඇතැමුන් හඳුන්වා දී තිබේ. එමෙන්ම මෙය රුසියානු ජනාධිපතිවරයා ඝාතන තැතක් ලෙස අනුමාන කළ හැකි බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026