Skip to content
V
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය හෙට සිට
featured news - උණුසුම් පුවත්

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය හෙට සිට

By News Room · 14 September 2025

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හෙට (15) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන්. මෙම බස් නැවතුම්පොළ වසර 60කට පසුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වන අතර, ඊට රුපියල් මිලියන 424ක් වැය කෙරෙන බවද සඳහන්.

බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ ගුවන් හමුදාවේ තාක්ෂණයෙන් වන අතර, නව ව්‍යාපෘතිය යටතේ නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතයි.

ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් වීම සඳහා මේ වන විට බස් නැවතුම්පොළේ බස් රථ මෙහෙයුම් නවත්වා ඇති අතර, වෙළෙඳසැල්ද එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026