Skip to content
V
පාකිස්තානය සහ බංග්ලාදේශය ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට
featured news - උණුසුම් පුවත්

පාකිස්තානය සහ බංග්ලාදේශය ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට

By News Room · 25 February 2025

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සත්කාරක පාකිස්තානයට සහ බංග්ලාදේශ කණ්ඩායමට සිදුවුණා. ඒ, ඊයේ නවසීලන්තය සමග පැවති තරගය කඩුලු 05 කින් බංගලාදේශය පරාජය වීමත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 236 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය, පන්දුවාර 46 යි එක් පන්දුවක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් පමණක් දැවී තිබියදීයි.

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම ඒ කාණ්ඩයේ පෙරමුණට පැමිණි අතර, දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි. සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වූ බංගලාදේශය සහ පාකිස්ථානය පිළිවෙළින් තුන්වන සහ අවසන් ස්ථානයේ පසුවනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026