Skip to content
V
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
featured news - උණුසුම් පුවත්

පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

By News Room · 8 February 2025

පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්තාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම මෙම තහනම පැනවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

2019 වසරේ ජුනි මාසයේ සිට පාකිස්තාන පාපන්දුව FIFA විසින් පත් කරන ලද සාමාන්‍යකරණ කමිටුවක් විසින් පාලනය කරනු ලබයි. කෙසේ නමුත් ඔවුන් විසින් ලබාදෙන නිර්දේශයන්ට අනුව කටයුතු කිරීමට පාකිස්තාන පාපන්දු සම්මේලනය අපොහොසත් වී ඇත. ඒ අනුව FIFA නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් පාකිස්තානයේ මෙම තහනම බලපැවැත් වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026