Skip to content
V
පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා ඡන්ද ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡා
featured news - උණුසුම් පුවත්

පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා ඡන්ද ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡා

By News Room · 18 November 2024

මැතිවරණ කොමිෂන් සභාව මේ මස 27 වනදා යළි රැස්වීමට නියමිතයි. මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවට පත්වනු ඇති.

මේ අතර එළැඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා.

ලබන මාසයේ දී මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීමට තීරණය කළ ද මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන

නොමැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026