Skip to content
V
පහල කඩුගන්නාවේ සිදු වූ නායයාමෙන් දිවි බේරාගත් නිශාන්තිගේ බිහිසුනු කතාව
featured news - උණුසුම් පුවත්

පහල කඩුගන්නාවේ සිදු වූ නායයාමෙන් දිවි බේරාගත් නිශාන්තිගේ බිහිසුනු කතාව

By News Room · 24 November 2025

පහල කඩුගන්නාවේ සිදු වු අනතුරෙන් වයස අවුරුදු 56 ක්  හාලියද්ද, දන්තුරේ පදිංචි චන්දිකා නිශාන්තිගේ ජිවිතය බේරි තිබුණේ පුදුම සහගත ලෙසයි. ඇය සුළු තුවාලයක් පමණක් ලබා මෙලෙස ජිවිතය බේරි තිබු අතර අද 23 මාවනැල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යන අවස්ථාවේ ඇයගෙන් මේ බිහිසුළුණු අනතුර සම්බන්ධයෙන් අප විමසා සිටියේය. ඇය මුහුණ දුන් ත්‍රාසජනක සිද්ධිය විස්තර කළේ මේ අයුරිණි.  

මහත්තයා මිනින්දොරු දෙපාර්තමේන්තුවේ ඉදලා විශ්‍රාමිකව ඉන්නේ මාගේ මහත්තයාගේ පඩිය අඩුයි.  දුවට උගන්වන්න විසිදාහක් විතර වියදම යන නිසා මම ගෙදර නිකම් ඉන්න නිසා මේ හෝටලයේ වැඩට ආවා.

මේ කඩේ වැඩට ඇවිත් දැන් මාස 6 ක් විතර වෙනවා. එදා සිදු විම මෙහෙමයි වුනේ. මට තේරුණේ උඩින් ගහක් එනවා වාගේ. මම කඩේ අංකල්ට කිවා ගහක් එනවා දුවමු කියලා. ඒ දුවගෙන මැදට එද්දී තමයි මේ අනපෙක්ෂිත අවස්ථාවට මුහුණ දුන්නේ. නමුත් දුවා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මම හිර වේලා හිටියේ බිම් දෙකක් අතර මට හුස්ම ගන්න කියන්න පුළුවන් මට්ටමේ තමයි හිටියේ එතන පරතරයක් තිබුණා ඒ නිසා පහසු වුනා.

මම ඇතුලේ එහෙට මෙහෙට වෙන්න ගිහින් තමයි අත කැපුණේ ඊට අමතරව බොයිලෙරුවේ වතුර හැලිලා කකුල ටිකක් පිච්චුනා. ටික වේලාවක් යද්දි සීතලක් ආවා මම හිතුවා බොයිලෙරුවේ වතුරත් නිවිලා කියලා.

පිටුපස්සේ ගෑස් සිලින්ඩර් සේරම තිබුණා.

මම කතා කරන එක පිටට ඇහෙන්නේ නැහැ. නමුත් පිට කතා කරන ඒවා මට ඇතුලට ඇහෙනවා. සේරම සුද්ද කරලා එක්කෙනෙක් කිවා මේ බිම් එක කඩලා අපි ඇතුලට යමු කියලා. ඒ ඇතුළට යන කෙනාට තමයි මම කිවේ අනේ මල්ලී මම ඇතුලේ ඉන්නවා කියලා.  මාව බේරා ගත් අයට මං පිං දෙනවා. මාගේ දුව ලබන වසරේ උසස් පෙළ ලියනවා.  මම ඇතුලේ ඉන්න කොට ජිවිතය බේරෙයි කියලා හිතුවෙත් නැහැ. මම නැති වුනොත් දුවට මොකක් වෙයිද කියලා මහ ලොකු දුකක් වේදනාවක් ඇති වුනා. එක මල්ලී කෙනෙක් කිවා අපි මේ කොන්ක්‍රීට් එක කඩලා ඇතුලට රිංගමු කියලා එතකොට නම් මට හිතුණා ජිවිතය බේරෙයි කියලා. එතන කම්බියක් තියෙනවා එක කැපුවොත් මට රිංගා ගෙන එන්න පුළුවන් කියලා මම එයාට එලියේ කතා කරන කෙනාට කිවා. ඊට පස්සේ ඒ කම්බිය අයින් කරලා එක මල්ලී කෙනෙක් මාව ඇදලා ගත්තා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026