Skip to content
V
පස්වැනි ස්ථානය ලැබූ පාලිත බණ්ඩාර
featured news - උණුසුම් පුවත්

පස්වැනි ස්ථානය ලැබූ පාලිත බණ්ඩාර

By News Room · 8 September 2024

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි යගුලිය විසි කිරීම ඉසව්වට පාලිත බණ්ඩාර සහභාගී විය. එහිදි පාලිත සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය දක්වමින් 5 වැනි ස්ථානය දිනා ගත්තේය.

පාලිත බණ්ඩාර F63 කාණ්ඩයේ පිරිමි යගුලිය විසි කිරීමේ ඉසව්වට ඊයේ (07) සහභාගී වු අතර ඔහුගේ පළමු උත්සාහය අවසන් වන විට මීටර 14යි දශම 45ක දක්ෂතාවක් දක්වමින් එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටියේය.

පාලිතගේ දෙවැනි උත්සාහයේදී සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කරමින් මීටර 14යි දශම 51ක දක්ෂතාවයක් දක්වනු ලැබීය.

කෙසේ වෙතත් උත්සාහක අවස්ථා 6ක් අවසානයේ පාලිත බණ්ඩාරට හිමි වුණේ 5 වැනි ස්ථානයයි.

මෙහි රන් පදක්කම කුවේට් රාජ්‍යයේ ෆයිසාල් සෝරෝර් දිනාගත් අතර රිදී පදක්කම මහා බ්‍රිතාන්‍යයේ ඇලඩ් ඩේවිස් දිනා ගත්තේය.ලෝකඩ පදක්කම මෙම ඉසව්වේ වත්මන් ලෝක ශූර ලක්සම්බර්ග් හී ටොම් හබ්ස්චයිඩ්ට හිමි විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026