Skip to content
V
පසුගිය වසරවලට වඩා අවමව සමරන්න හදන නිදහස් දින සැමරුම
featured news - උණුසුම් පුවත්

පසුගිය වසරවලට වඩා අවමව සමරන්න හදන නිදහස් දින සැමරුම

By News Room · 30 January 2025

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදාගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය 40% කින් අඩු කර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා. ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873 කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සාමාජිකයින් 1,511 දෙනෙකෙුගේ අඩුවීමක් බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බවත් නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25 ක් පැවැත්වීමට නියමිත බවත් පසුගිය වසරේ යොදාගත් ගුවන් යානා 19 වෙනුව​ට ගුවන් යානා 3 ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026