Skip to content
V
පවතින වර්ෂාව නිසා වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ වාන් දැමීම ආරම්භ වෙයි
featured news - උණුසුම් පුවත්

පවතින වර්ෂාව නිසා වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ වාන් දැමීම ආරම්භ වෙයි

By News Room · 18 December 2025

පවතින වර්ෂාපතනයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ වාන් දැමීම සම්බන්ධව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - දිගන කාර්යාලයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා අද (18) පැවසීය.

“දැනට පවතින වර්ෂාපතනය අනුව, මහවැලි ද්‍රෝණියට අයත් ප්‍රධාන ජලාශ අතුරින්, වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති අතර, ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි විය හැකි බවයි.

ලොග්ගල්ඔය, දියබානාඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශවල වාන් මඟින් පිටවන ජලධාරිතාව හා බදුළුඔයේ ජල ධාරිතාවද ඍජුවම මහවැලි ගඟට එකතු වන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාව අවධානයෙන් සහ විමසිලිමත්ව සිටින ලෙස දැනුවත් කරන ලෙස කාරුණිකව දන්වමි.

එමෙන්ම කලාවැව ද්‍රෝණියට අයත්, කලාවැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති අතර, බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශ වලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බැවින්,පෝෂිත ප්‍රදේශ වලට ඇතිවන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව ඉදිරියේදි එම ජලාශ ද වාන් දැමිය හැකි බවත්, මාදුරුඔය ජලාශයද උපරිම ජල මට්ටමේ ඇති බැවින්, එම ජලාශද ඉදිරියේ දී වාන් දැමීම සිදුවිය හැක.

තවද, කාලගුණය පිළිබඳ ඉදිරි පුරෝකථනයකට අනුව, වාන් ජල ප්‍රවාහය වැඩි විය හැකි බැවින්, ජලාශ වාන් දැමීම නැරඹීම හෝ විවිධ කටයුතු සඳහා ජලාශ පෙදෙස් වලට ළඟාවීමෙන් වළකින ලෙස ද ලෙස කාරුණිකව දන්වා සිටිමි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026