Skip to content
V
පලස්තීන සීරකරුවන් 200ක් නිදහස් කරයි
featured news - උණුසුම් පුවත්

පලස්තීන සීරකරුවන් 200ක් නිදහස් කරයි

By News Room · 26 January 2025

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස නිදහස් කිරීමට නියමිතව තිබූ පලස්තීන සිරකරුවන් දෙසීය දෙනා මේ වන විට නිදහස් කර තිබෙනවා.

ඊයේ (25) දිනයේ දී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල කාන්තා සොල්දාදුවන් සිව්දෙනෙකු නිදහස් කරනු ලැබූ අතර ඔවුන් සිව්දෙනා මේ වන විට ඊශ්‍රායලයට ආපසු පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, හමාස් සංවිධානය විසින් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි කඩ කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායලයේ ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් පලස්තීනුවන් දහස් ගණනක් ගාසා තීරයේ ඔවුන්ගේ නිවෙස්වලට ආපසු යාම වලක්වාලමින් විරෝධතාවක් පවත්වා ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන්.

පසුගිය ඉරිදා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගත් දෙවන අවස්ථාව මෙය වන අතර තවත් ප්‍රාණ ඇපකරුවන් 26 දෙනෙකු ඉදිරි සතිවලදී නිදහස් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026