Skip to content
V
පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ඊශ්‍රායලය ප්‍රමාද කරයි
featured news - උණුසුම් පුවත්

පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ඊශ්‍රායලය ප්‍රමාද කරයි

By News Room · 23 February 2025

ඊශ්‍රායලය විසින් දින නියමයක් නොමැතිව පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමාස් විසින් ඊළඟ ප්‍රාණ ඇපකරුවන් භාරදීම සහතික කරන තෙක් මෙලෙස පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම දැන් ප්‍රමාද කරන බවයි.

ඊයේ දිනයේදී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලීය ප්‍රාණ ඇපකරුවන් 06 දෙනෙකු නිදහස් කිරීමෙන් පසුව ඒ වෙනුවට පලස්තීන සිරකරුවන් 600 කට වැඩි පිරිසක් නිදහස් කිරීමට නියමිතව තිබුණා.

එසේම සටන් විරාමයේ පළමු අදියරට අනුව, තවත් එක් ප්‍රාණ ඇපකරුවෙකු හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත භාර දීමට නියමිත ව ඇති බව සදහන් අතර, දෙවන අදියරේදී සිදුවීමට නියමිත අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා කිසිදු විධානයක් තවමත් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026