Skip to content
V
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට තිබූ සහන කාලය දීර්ඝ කරයි
featured news - උණුසුම් පුවත්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට තිබූ සහන කාලය දීර්ඝ කරයි

By News Room · 9 April 2025

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබෙන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර රුපියල් මිලියන 25-50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා සහ රුපියල් මිලියන 50 ඉක්මවන ණය ලබාගෙන ඇති අය සඳහා 2025 ජුනි 30 දක්වා අත්හිටුවීම දීර්ඝ කළ බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම 2025 මාර්තු 31 දක්වා අත්හිටුවා තිබූ අතර, එය ඉහත ලෙස නැවත දීර්ඝ කර තිබෙනවා. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026