Skip to content
V
පන්නිපිටියේ හොර කච්චේරියක් වටලයි : 5ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

පන්නිපිටියේ හොර කච්චේරියක් වටලයි : 5ක් අත්අඩංගුවට

By News Room · 10 September 2024

කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයට කළ සෝදිසි මෙහෙයුමක දී ව්‍යාජ සහතික, හැදුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකසන හොර කච්චේරියක් වටලා පුද්ගලයින් පස් දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ  විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබිණි.

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සමග සැක පිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකුගෙන් හෙලි වු තොරතුරු මත පොලිස් නිලධාරීන් කණ්ඩායම මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී ව්‍යාජ ලෙස සකස් කල රියදුරු බලපත්‍ර 168 ක්,උපාධි සහතික,ආදායම් බලපත්‍ර,උප්පැන්න,විවාහ,මරණ සහතික,තාවකාලික රියදුරු බලපත්‍ර,බදු ගිවිසුම්,ඔප්පු,සාමාන්‍ය පෙල,උසස් පෙළ වීභාග සහතික,රියදුරු බලපත්‍ර වල අලවන ස්ටිකර්,එන්.වී.කිව් සහතික  ආදී හොර ලිපි ලේඛන හා ව්‍යාජ රබර් මුද්‍රා තොගයක් පොලීසිය සොයා ගෙන ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026