Skip to content
V
පක්ෂ-සන්ධාන 34ක් රනිල්ගේ සහයට
featured news - උණුසුම් පුවත්

පක්ෂ-සන්ධාන 34ක් රනිල්ගේ සහයට

By News Room · 16 August 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ.

අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තබා ඇත."පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබූ පිරිස පහතින්,මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ අලි සබ්රි යන "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීය.එමෙන්ම නව සන්ධානය නියෝජනය කරමින් සුසිල් ප්‍රේම්ජයන්ත, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස්ගේ එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් හේමප්‍රිය කවිරත්න, සමගි ජන බලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි ද අත්සන් තබා තිබුණි.මීට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් අසංක නවරත්න, නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කුමාර වෙල්ගම, නිදහස ජනතා සභාව වෙනුවෙන් උදයන කිරිඳිගොඩ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මොහොමඩ් මුසම්මිල්, ජාතික කොංග්‍රසය වෙනුවෙන් ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජිතයින් රැසක් ද මේ සඳහා අත්සන් තැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026