Skip to content
V
නිවසක් කොල්ල කෑ පොලිසියේ 4ක් රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

නිවසක් කොල්ල කෑ පොලිසියේ 4ක් රිමාන්ඩ්

By News Room · 18 September 2024

නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (18) නියෝග කළේය.

කොළඹ පහළොව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී  මුදල් සොරා ගත් බවට ලද පැමිණිල්ලකට අනුව මෝදර  පොලිසිය මගින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත භාරයට පත් කෙරිණි.

බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකු මෙලෙසරක්ෂිත බන්ධනාගාර ගත කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026