Skip to content
V
නුවරඑළිය කොළඹට එළවලු කිලෝ 73,000ක්
featured news - උණුසුම් පුවත්

නුවරඑළිය කොළඹට එළවලු කිලෝ 73,000ක්

By News Room · 9 December 2025

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ 73,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කළ බව නුවරඑළය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා පැවසීය.

මේ අනුව ගෝවා කිලෝවක් - රු.150, කැරට් -රු. 190, ලීක්ස් - රු.190, රාබු - රු.160, බීට්රුට් - රු. 230, බීට්රූට්/කැරට් - රු.280, අර්තාපල් - රු.260, රතු අර්තාපල් - රු. 280, නෝකොල් - රු.280 ඇතුලු චීන ආහාර සඳහා භාවිත කරනු ලබන එලවලු වර්ග කිලෝ 73000ක් යොමු කල බවත්, (08) දිනයේදි එලවලු කිලෝ 73000ක් ප්‍රවාහනය කළ බව කළමණාකාරවරයා කියා සිටියේය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගන්නා බවත්, මේ දිනවල වෙළඳපොලේ එලවලු සඳහා පවතින ඉල්ලුම අඩු බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026