Skip to content
V
නිරෝෂන්ට වම එපා වෙලා
featured news - උණුසුම් පුවත්

නිරෝෂන්ට වම එපා වෙලා

By News Room · 29 August 2024

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව සඳහන් කරයි.නිරෝෂන් ප්‍රේමරත්න පෙන්වා දෙන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සෙසු සහෝදරයන් දක්වන අකමැත්ත තමාගේ මෙම තීරණය ගැනීමට හේතුවූ බවය.අදාළ ලිපියේ මෙසේද සඳහන්වේ."ජනාධිපතිවරණය සඳහා අපි ඇති කරගත් එකඟතාවය පසුව වෙනස්වීම මා දැඩි කැළඹීමට ලක්විය. ඒ සම්බන්ධව තර්ක කොට ඵලක් නැත. මම එදින රැස්වූ මැතිවරණ කමිටුවෙන් ඉවත්වී ගියේ තීන්දුව ඔබ ඇතුළු කණ්ඩායමට ගැනීම සඳහාය. ""ජනක රත්නායක නමැත්තෙකුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමට ඔබ ඇතුළු පක්ෂයේ විධායක සභාවේ බහුතරය ගත් තීන්දුව ගැන මා වික්ෂිප්තභාවයට පත් කළේය. එම තීරණය වැළැකී ගොස් තිබුණේ අනූනවයෙනි. මා සුදුසු බිමක් සොයා යා යුතුය."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026