Skip to content
V
නාරහේන්පිට නිවාස සංකීර්ණයක ගින්නක්
featured news - උණුසුම් පුවත්

නාරහේන්පිට නිවාස සංකීර්ණයක ගින්නක්

By News Room · 29 October 2025

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 13ක් පිටත්කර යවා තිබේ. අදාළ නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබේ. ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින් මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටී. මේ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න හේතුවෙන් එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම නිවසේ සිරවී සිටි දරුවන් දෙදෙනා සහ කාන්තාවක් බේරාගෙන රෝහල්ගත කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026