Skip to content
V
නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ගැන කියන වසන්ත සමරසිංහ
featured news - උණුසුම් පුවත්

නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ගැන කියන වසන්ත සමරසිංහ

By News Room · 19 December 2024

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන කෙනෙක් පැවසී යැයි වෙළෙඳ වාණිජ, ආහාර සුරක්‍ෂතා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මෙසේද කීය.

අම්මට තාත්තට තම දරුවාට පොතක් පැන්සලක් අරගෙන දෙන්න බැරි තරමට ආර්ථිකය වට්ටලා තියෙනවා. දරුවන්ට ඉගෙන ගන්න පසුබිම ඇහිරූ අය අධ්‍යාපනය ගැන කතා කරන්නට පටන්ගෙන තිබෙනවා. නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම ඉල්ලන්නේ නැති දැයි සමහරු අහනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කතා කොට ඔහුට කළ මරණ තර්ජන ගැන අපට පැවසුවා.නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබපු කෙනෙක් අප සමග කිව්වා. ඒ පරීක්ෂණය පටන් ගත්තාම ඕන වෙලාවක ලංකාවට එන්න ඔහු සූදානමින් ඉන්නවා. මොහු නීතිඥයෙක් වෙන්න රටේ සමස්ත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කළා. තාත්තා ජනාධිපති වීම නිසා මේ දේශපාලන බලය පාවිච්චි කළා. ඊට පසුව අපරාධ විද්‍යාව ගැන පශ්චාත් උපාධිය කරන්නත් 2011 වසරේ ආවලු. ප්‍රථම උපාධියක් නැති නිසා පශ්චාත් උපාධිය හදාරන්න දීලා නෑ. ඊට පසුව ඒ මහාචාර්යවරයෙක්ට එකල උප කුලපති තර්ජනය කර තිබෙනවා. මේ අය නම් ඉස්සරහට කෑලි දාගන්න හැදුවේ ඔහොමයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026