Skip to content
V
නාමල් පෙනී සිටි නීති විභාගය පිළිබඳව CIDයෙන් පරීක්ෂණ
featured news - උණුසුම් පුවත්

නාමල් පෙනී සිටි නීති විභාගය පිළිබඳව CIDයෙන් පරීක්ෂණ

By News Room · 14 February 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යාණුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

'අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය'  නමැති සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බව පොලීසිය පැවසීය.

සමාජ මාධ්‍ය ජාලයක විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ සහය සහිතව පෙනී සිටිමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට වාර්තාවක් පළවී ඇත.

එම වාර්තාවකට අනුව අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත. 

ඒ අනුව වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් ලබා දී ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026