Skip to content
V
නාමල්ගේ රැස්වීමකට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා තරුණයින් මාට්ටු
featured news - උණුසුම් පුවත්

නාමල්ගේ රැස්වීමකට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා තරුණයින් මාට්ටු

By News Room · 7 September 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශාලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට අඹගස්දෝව පොලිසිය පවසයි.

ජනාධිපති අපේක්ෂක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමේ ආරක්ෂාව සඳහා අවට පොලිස් ස්ථානවලින්ද නිළධාරින්ද කැදවා තිබුණි.

එම රැස්විම පැවැත්වෙන අතරතුරදි ඌවපරණගම ප්‍රදේශයේ පදිංචී පාසැල් සිසුවකු හා විශ්ව විද්‍යාල සිසුවකු රැස්ව්ම් ශාලාවට ඇතුළු වීමට උත්සහා දැරිමේදි එහි සිට් අඹගස්දෝව පොලිසිය හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරින් විසින් පරික්ෂාවට ලක්කර තිබේ.

එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවිමෙන් පසු ඔවුන් අත් අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදුන් බව අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.එස් .රත්නායක මහතා පවසයි.

තම දෙමාපියන් එම රැස්විම් ශාලාවේ සිටිම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම්දිමට මෙසේ රැස්විම් ශලාවට පැමිණි බවට පැවසු බවත් වැලිමඩ පොලිසිය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026