Skip to content
V
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනගත කරයි
featured news - උණුසුම් පුවත්

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනගත කරයි

By News Room · 2 September 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (2) පෙරවරුවේ ජනගත කළේය.

කොළඹ අයි.ටී.සී. රත්නදීප පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැති උත්සවයේදී ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.

එහිදී ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2025 සිට 2035 දක්වා එම පක්ෂයේ වැඩපිළිවෙල ‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ යන තේමාව යටතේ ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම උත්සවයට සහභාගි වූහ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026