Skip to content
V
නාමල්ගේ නීතීඥ භාවය ගැන සොයන්න නියෝගයක්
featured news - උණුසුම් පුවත්

නාමල්ගේ නීතීඥ භාවය ගැන සොයන්න නියෝගයක්

By News Room · 3 April 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නීතිඥභාවය වංචනිකව ලබාගෙන ඇද්ද යන්න පිළිබඳ ව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂගේ නිතීඥභාවය ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වෙන්නේ.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය ලබාගැනීමට අදාළ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණදීමේ දී වංචාවක් සිදුකර ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් එම විමර්ශනය දියත් කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට සඳහන් කර තිබෙන්නේ.

අල්ලස හෝ දූෂණය පිටුදැකීමේ පුරවැසි බලය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026