featured news - උණුසුම් පුවත්
නොබෙදූ ඡන්ද පත්‍රිකා තොගයක් ව්‍යාපාරික ස්ථානයකින් සොයාගැනේ

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 148 ක් හිමිකරුවන්ට ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත.කේ. රණසිංහ සදහන් කළේ, පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරීක ස්ථානයක තිබී අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා සොයා ගත් බවයි.
ඒ අනුව තාවකාලික පදනම මත සිටි අදාළ ලිපි බෙදාහැරීමේ නිලධාරීයාගේ සේවය අත්හිටුවා ඇති බවද ඔහු සදහන් කළා.




