Skip to content
V
නේපාලයේ අද අළුයම භූ කම්පනයක්
featured news - උණුසුම් පුවත්

නේපාලයේ අද අළුයම භූ කම්පනයක්

By News Room · 28 February 2025

නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත. කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙය සිදුව තිබේ. නේපාලයේ භූ කම්පන නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කළේ එරට වේලාවෙන් අලුයම 2:51ට පමණ මෙය සිදුව ඇති බවයි.

මෙය නේපාලයේ ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට දැනී ඇත. එමෙන්ම නේපාලයට උතුරු දෙසින් පිටිටි ටිබෙටය, චීනයේ මායිම් ප්‍රදේශවලට මෙන්ම නේපාලයට දකුණු දෙසින් පිහිටි ඉන්දියාවට පවා මෙහි කම්පනය දැනී තිබේ. මෙම භූ කම්පනයෙන් සිදු වූ හානිය හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා නොවන අතර, සිදු වූ හානිය නේපාල බලධාරීන් තක්සේරු කරමින් සිටී.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026