Skip to content
V
‍නීතිවිරෝධීව ඉන්දියාවට අතුල්වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 5ක් එරට අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

‍නීතිවිරෝධීව ඉන්දියාවට අතුල්වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 5ක් එරට අත්අඩංගුවට

By News Room · 10 June 2025

‍නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එකම පවුලේ පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ළඟා වු එම පිරිස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බව වාර්තා වෙයි.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තමන් මෙලෙස ඉන්දියාවට පළා ආ බව ඔවුන් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පස් දෙනා ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා ස්ථාපිත කර ඇති මණ්ඩපම් සරණාගත කඳවුර වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026