Skip to content
V
නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

By News Room · 12 November 2024

පිටිගල මාරක්ගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

පුද්ගලයින් පස්දෙනෙක් අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර අනෙක් පුද්ගලයන් තිදෙනාද බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඊයේ (11) රාත්‍රියේ මිතුරෙකු විසින් රැගෙන ආ අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර පසුව ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ මත්පැන් වර්ගය කුමක්දැයි මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026