Skip to content
V
නීති කඩන මාධ්‍ය ආයතනවලට ඡන්ද ප්‍රතිඵල නෑ
featured news - උණුසුම් පුවත්

නීති කඩන මාධ්‍ය ආයතනවලට ඡන්ද ප්‍රතිඵල නෑ

By News Room · 12 September 2024

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (12) පැවසීය.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී අද පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයේදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා එසේ පැවසීය.

මාධ්‍ය ආයතනයක් මැතිවරණ කොමිසම දෙන උපදෙස්වලට එරෙහිව කටයුතු කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට පෙර කළ හැකි පියවර ඕනෑ තරම් ඇති බවත් එහිදී කොමිසම පවත්වන මාධ්‍ය හමුවලින් ඉවත්කිරීම, තොරතුරු නොදීම සහ ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම වැනි පියවර අනුගමන කළ හැකි බවත් රත්නායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන සම්බන්ධ ගැටලු ඇති මාධ්‍ය ආයතන ප්‍රධානීන් පස්දෙනෙක් කොමිසමට කැඳවා උපදෙස් දුන් බවත් එහිදී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම නොව මෙහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුත් කළ බවත් රත්නායක මහතා කීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යන නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් සියලුම මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවලදී ජනාධිපති ධූර අපෙක්‍ෂකයන් සඳහා වෙන්කරන කාලය දිනපතා විමසීමට ලක්කරන බව කී රත්නායක මහතා පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම දැඩි අධීක්‍ෂණයෙන් කටයුතු කරන බව ද සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026