Skip to content
V
'නේටෝ සාමාජිකත්වය ලබා දෙනවා නම් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම්' - යුක්‍රේන ජනපති
featured news - උණුසුම් පුවත්

'නේටෝ සාමාජිකත්වය ලබා දෙනවා නම් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම්' - යුක්‍රේන ජනපති

By News Room · 23 February 2025

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු මේ බව පවසා තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී  යුක්‍රේන ජනාධිපතිවරයා 'ඒකාධිපති පාලකයෙකු 'ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව ජනධිපති ට්‍රම්ප් තමන් ඒකාධිපතියෙකු යැයි හඟවමින් සිදුකළ ප්‍රකාශයටද සෙලෙන්ස්කි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු පවසා ඇත්තේ දශකයක් ජනාධිපති වීම තමන්ගේ සිහිනය නොවන බවයි. යුක්‍රේනයට සාමය ගෙන එන්නේ නම් තම ධුරයෙන් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය (North Atlantic Treaty Organization/NATO) නේටෝ නමින් හඳුන්වයි. මෙය 1949 අප්‍රේල් 4 වනදා රටවල් 12ක් විසින් අත්සන් තබමින් ආරම්භ කර තිබේ. යුධමය වශයෙන් සෝවියට් සංගමයට එරෙහිව සාමූහික ආරක්ෂාව සපයා ගනිමින් සංගමයේ රටවල ආරක්ෂාව තහවුරුකර ගැනීම මෙම සංවිධානය ආරම්භ කිරීමේ මූලික අරමුණ විය.

එනම් අමෙරිකාව ඇතුළු අනෙකුත් සාමාජික රටවලට යම්කිසි යුද ප්‍රහාරයක්‌ එල්ල වුවහොත්, අවශ්‍ය නම් සංගමයේ සියලු රටවල් එකතුව එම ප්‍රහාරයට එරෙහිව කටයුතු කිරීම. මේ වනවිට නේටෝ සංවිධානයේ සාමාජික රටවල් අතර යුරෝපීය රටවල්  30ක් සහ උතුරු අමෙරිකානු රටවල් 2ක් වන අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව සිටි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026