Skip to content
V
නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් අසාද්‍ය තත්ත්වයේ සිටි තවත් හිමි නමක් අපවත් වෙයි
featured news - උණුසුම් පුවත්

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් අසාද්‍ය තත්ත්වයේ සිටි තවත් හිමි නමක් අපවත් වෙයි

By News Room · 28 September 2025

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ. උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත. ඒ අනුව මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම සිද්ධියෙන් තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. එම ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේය. අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා 13 නමක් සිට ඇති බවත් වාර්තා විය.

අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු විදෙස් ජාතික හිමිවරුන් වූ අතර එම හිමිවරුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ හිමිවරුන් විය. ඩක්කුව කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි භික්ෂුන් වහන්සේලා 13 නමකගෙන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබුණි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026