Skip to content
V
නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක්
featured news - උණුසුම් පුවත්

නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක්

By News Room · 25 August 2024

නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක තොගයක් ලබන සැප්තැම්බර් මාසයේ ලැබීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟය කළමනාකරණය කිරීම සඳහා දැනට දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,000ක් පමණක් නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ආරක්‍ෂිත විශේෂාංග සහිත නව පෙනුමකින් යුතු විදේශ ගමන් බලපත්‍ර තොගය ලබන මස ලැබීමට නියමිත බැවින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඉක්මන් වන ජනතාවට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය දන්වා සිටින්නේ ලබන මාසය තෙක් සිටින ලෙසයි.

පැරණි විදේශ ගමන් බලපත්‍රය ක්‍රමානුකූලව ඉවත් කරමින් වඩාත් ආරක්ෂිත සංචාරක ලියවිල්ලක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කිරීම නිසා මෙම ගමන් බලපත්‍ර හිඟය නිර්මාණය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026