Skip to content
V
නව වසරේ පාර්ලිමේන්තුව 07වැනිදා
featured news - උණුසුම් පුවත්

නව වසරේ පාර්ලිමේන්තුව 07වැනිදා

By News Room · 2 January 2025

නව වසරේ පාර්ලිමේන්තුව ලබන 07 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම රැස්වීමේදී තීරණය වී ඇත්තේ 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය ලබන 7 වනදාට සිදු කිරීමටයි.

එමෙන්ම ලබන 8 දා ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක් මෙන්ම වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් විවාදයට ගැනීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026