Skip to content
V
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද
featured news - උණුසුම් පුවත්

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද

By News Room · 18 November 2024

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.

‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන් ය. නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට සීමාවනු ඇත.

එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ද ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ. මේ අතර ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් ජනතාවත් සමඟ ඉදිරියට ගමන් කිරීමට තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026