Skip to content
V
නව පාප් වහන්සේ තේරීමේ කොන්ක්ලේව් ක්‍රියාවලිය මැයි 07
featured news - උණුසුම් පුවත්

නව පාප් වහන්සේ තේරීමේ කොන්ක්ලේව් ක්‍රියාවලිය මැයි 07

By News Room · 29 April 2025

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ එම ධුරය සඳහා මීළඟ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් කොන්ක්ලේව් ක්‍රියාවලිය මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කළා.

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 135ක්.කාදිනල්වරු 53ක් යුරෝපයෙන්ද, 23ක් ආසියාවෙන්ද, 20ක් උතුරු ඇමරිකාවෙන්ද, 18ක් අප්‍රිකාවෙන්ද, 17ක් දකුණු අමෙරිකාවෙන්ද, හතර දෙනෙක් ඕෂනියාවෙන්ද මේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩුවිය යුතු වනවා.වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසයි.

එමෙන්ම බාහිර ලෝකයෙන් දුරස්ව පැවැත්වෙන පාප්වරණය වෙනුවෙන් ඊයේ සිට සිස්ටීන් දෙව් මැඳුර වසා දමා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026