Skip to content
V
නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා තේරීපත්විය
featured news - උණුසුම් පුවත්

නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා තේරීපත්විය

By News Room · 8 November 2025

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා තේරිපත්විය.

නිලංගදෑලට පක්ෂව ඡන්ද 195ක් ද ලබාගත් අතර මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඡන්ද 50ක් ද මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඡන්ද 13ක් වශයෙන් ලබාගත්තේය. දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක් වේ.

වර්තමාන වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අවස්ථා දෙකකදී වසර 20ක් දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ නිල කාලය පසුගිය අගෝස්තු මාසයේදී අවසන් විය.

මෙවර දියවඩන නිලමේ තනතුරට වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරයේ භාරකරු හා සතර මහ දේවාල භාර මහා නිළමේ රොෂාන් ප්‍රියදර්ශන, වරකාපොල දොරවක ශ්‍රී නාථ දේවාලයේ හිටපු භාරකාර ඉනිදික රුවන් පතිරණ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරි ගාමිණි කළුහැන්දිවෙල, මහාචාර්ය තිලක් සුබසිංහ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් වීර මඩුගල්ල පදනමේ සභාපති නන්ද මඩුගල්ල යන මහත්වරු ඉදිරිපත් වූහ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026