Skip to content
V
නව ආණ්ඩුවේ අගමැතිනිය දිවුරුම් දෙයි
featured news - උණුසුම් පුවත්

නව ආණ්ඩුවේ අගමැතිනිය දිවුරුම් දෙයි

By News Room · 24 September 2024

නව ආණ්ඩුවේ අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙසයි ඉතිහාසයට එක්වුණේ.

මීට පෙර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍යවරියන් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

1970 මාර්තු 6 වැනි දින උපත ලැබූ ඇය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි.

ඇය එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව,ගෝලීය කරණය සහ සංවර්ධනය ආදී විශය පථ ගණනාවක් ඇය අධ්‍යයනය කර තිබෙනවා.

තරුණ විරැකියාව, ලිංගභේද පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂණය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ අකාර්යක්ෂමතාව වැනි දැවෙන ගැටළු පිළිබඳව කරන ලද පර්යේෂණ සඳහා හරිනි ප්‍රසිද්ධත්වයක් උසුලන ඇය නෙස්ට් නම් ශ්‍රී ලාංකික දේශීය රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරනු ලැබුවා.

ඇය යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව,ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පොත් ප්‍රකාශයට පත් කළ අතර පර්යේෂණද සිදු කරනු ලැබුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026