Skip to content
V
නවසීලන්ත රග්බි කණ්ඩායම දිවයිනට
featured news - උණුසුම් පුවත්

නවසීලන්ත රග්බි කණ්ඩායම දිවයිනට

By News Room · 1 May 2025

ශ්‍රී ලංකාව සමග තරග දෙකකින් සමන්විත රග්බි තරගාවලියට සහභාගි වන නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම දිවයිනට පැමිණියා. 

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරය නිරත වන්නේ 1907 වසරෙන් පසුවවීමත් සුවිශේෂී සිදුවීමක් වනවා.  

වසර 118 පසු වන මෙම ඓතිහාසික තරග සංචාරයේ පළමු රග්බි තරගය මැයි මස 4 වැනිදා මහනුවර නිත්‍තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි සහ අවසන් රග්බි තරගය මැයි මස 10 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදීයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026