Skip to content
V
නවසීලන්ත ක්‍රිකට් නායක ඉල්ලා අස්වෙයි
featured news - උණුසුම් පුවත්

නවසීලන්ත ක්‍රිකට් නායක ඉල්ලා අස්වෙයි

By News Room · 2 October 2024

ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමගම නවසීලන්ත නායක ටීම් සවූති නායකත්වයෙන් අස්වීමට තීරණය කර තිබේ. සවූති පවසන්නේ කණ්ඩායමේ යහපත වෙනුවෙන් ඔහු එම තීරණය ගන්නා බවයි. නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ටොම් ලේතම් පත්කිරීමට නියමිතය.

2022 වසරේදී කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වුණු අතර පසුව නායකත්වය ටීම් සවුති ට පැවරිණි.

ඔහු ටෙස්ට් තරග 14කදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 6ක් ජයගෙන 6ක් පරාජය විය. තරග 2ක් ජයපරාජයෙන් තොරව අවසන් වුණි.ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් පරාජය වූ නවසීලන්ත කණ්ඩායම දෙවැනි තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් පරාජය විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026