Skip to content
V
නවසීලන්තය - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගාවලිය අද
featured news - උණුසුම් පුවත්

නවසීලන්තය - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගාවලිය අද

By News Room · 19 November 2024

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගාවලිය අද පස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. අද තරගය සඳහා මීට පෙර පැවති තරගවලට ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු විවේක ගන්වා තිබෙනවා.

ඒ ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ක්‍රීඩා කිරීම සඳහායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔවුන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර සහ එෂාන් මාලිංග සංචිතයට කැදවා ඇති බවයි.

දෙරට අතර එක්දින තරගාවලිය දෙකට බින්දුවක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර අද තරගයද ජයගනු ලැබුවහොත් ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක් ලැබීමට අවස්ථාව හිමි වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026