Skip to content
V
නවදිල්ලි අගනුවර කාර් බෝම්බ පිපිරුමක්; 9ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

නවදිල්ලි අගනුවර කාර් බෝම්බ පිපිරුමක්; 9ක් ජීවිතක්ෂයට

By News Room · 11 November 2025

ඊයේ (10) සවස නවදිල්ලි අගනුවර එම කාර් බෝම්බය පුපුරා ගියේ නව දෙනකුට දිවි අහිමි කරමිණි. පිපිරුමට හසුවීමෙන් 20 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි. එය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරන අතර, ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. ඉන්දියාව පුරා ප්‍රධාන නගරවල ආරක්ෂාව තරකර ඇතැයි ද පැවැසෙයි.

ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ රට වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇත්තේ, ඉන්දියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය. ඉන්දියාවේ සංචාරය කරන්නේ නම්, ජනාකීර්ණ ස්ථානවල ගැවසීම හැකිතාක් සීමා කරන්නැයි ද කල්පනාකාරීව සිටින්නැයි ද ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. සොව පළ කළ සෙසු රටවල් වන්නේ ආජන්ටිනාව, ප්‍රංශය, මොරොක්කෝව, ඕස්ට්‍රේලියා, ඉරානය යන රටවල් ඊයේ ඔවුන්ගේ තානාපති කාර්යාල හරහා ඉන්සීය රජයටත්, එරට වැසියන්ටත් සොව පළ කර තිබුණි.

පිපිරුම සිදුවී පැයක් පමණ යද්දී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් සිං පිපිරුම සිදුවුණු ස්ථානයට ගොස් පොලිස් ප්‍රධානීන් හමුවී සිදුවූයේ කුමක්දැයි විමසා බලා, සියලු විස්තර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දැනුම් දුන්නේය.

මාර්ගයේ ආරක්ෂක කැමරා දසුන් අනුව, පුපුරන ද්‍රව්‍ය පුරවා තිබුණේ හයිහුන්ඩායි වර්ගයේ මෝටර් රියක් තුළය. මෙම මෝටර් රථය නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල මෙට්‍රෝ උමං දුම්රිය පොළට පිවිසෙන මාර්ගය අසලට පැමිණ මාර්ගයේ සෙමින් සෙමින් ධාවනය වී ඇත.

එහි පුද්ගලයන් තිදෙනකු සිටි බව ද මේ වනවිට තහවුරු වී ඇතැයි පැවැසෙයි.

මෝටර් රථය රතු ආලෝක සංඥා හේතුවෙන් නතර වෙද්දී පිපිරීම සිදුවිය. පිපිරීමේ ප්‍රබලත්වය කිලෝ මීටරයක් දුරට දැනුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026