Skip to content
V
නවක වධය නිසා විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි නසාගනී
featured news - උණුසුම් පුවත්

නවක වධය නිසා විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි නසාගනී

By News Room · 1 May 2025

නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි.  පසුගිය අප්‍රේල් 27 වැනි දින විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයකින් පසුව ඊට පසුදින එනම් 28 වැනි දින ඔහු ගම්පොල ඉහළගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.

එලෙස පැමිණි ඔහු අප්‍රේල් 29 වැනිදා සවස සිය නිවස පසුපස ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබුණි. ඔහුගේ ඥාතීන් සහ මිතුරන් චෝදනා කරනුයේ විශ්ව විද්‍යාලයේ අවුරුදු උත්සවයේදී ඔහුට දරාගත නොහැකි ලෙස නවකවධයට මුහුණ දීමට සිදුවීම මෙම සියදිවි නසා ගැනීමට හේතු වූ බවය. 

මේ සම්බන්ධව මියගිය චරිත්ගේ මව හැඬු කඳුලින් මෙලෙස පැවසුවාය.

"එයාට ගියාට පස්සේ වධ දීලා මගේ පුතාට, යට කළිසමත් ගැලෙව්වාලු, බිත්තියේ ඔළුව වැද්දෙව්වාලු, මගේ හැට්ට කට්ටෙන් මගේ පුතාට ඇන්නාලු. ඒ කරලා කබඩ් එකක් ඇතුළට තල්ලු කරලා. ගෙදර ආවට පස්සේ අම්මිට මුහුණ දුන්නෙත් නෑ. මගේ දරුවා ඒ පීඩනේ මගෙත් එක්ක කියුවා.... ආයෙත් මේ වගේ දුකක් වෙන දරුවොන්ට දෙන්න එපා....."

මේ අතර පසුගිය අවුරුදු දෙක පුරාවටම තම පුතාට විවිධ හිරිහැර සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදුකළ බව චරිත්ගේ පියා චෝදනා කළේය.

"පසුගිය අවුරුදු දෙක පුරාවටම මගේ පුතාට සීනියර් බැජ් එකේ ඉන්න අය නවකවධය දීලා තියෙනවා. මගේ පුතා මට නැතිවුණා.. මම කාරුණිකව ඉල්ලා සිටින්නේ අදාළ බලධාරීන්ගෙන් ඉදිරියට විශ්වවිද්‍යාලයට තේරි පත්වන ළමයින්ට මේ වගේ නවකවධයක් දීලා මේ දරුවන් අපහසුතාවට පත්වෙන්න නොදී බළධාරීන් නිසි පියවරක් ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. "

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026