Skip to content
V
නරේන්ද්‍ර මෝදිට නයිජීරියානු රජයෙන් ඉහළම ගෞරව සම්මානය
featured news - උණුසුම් පුවත්

නරේන්ද්‍ර මෝදිට නයිජීරියානු රජයෙන් ඉහළම ගෞරව සම්මානය

By News Room · 18 November 2024

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නයිජීරියානු සංචාරය සාර්ථකව අවසන් වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජී20 සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රසීලයට පැමිණ තිබෙනවා. මෝදිගේ නයිජීරියානු සංචාරය ලෝකය තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් වූ අතර ඊට හේතු වුයේ ඔහුට නයිජීරියානු රජයෙන් හිමිවූ ඉහළ ගෞරව සම්මානයයි.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නයිජීරියාවේ ඉහළම ජාතික ගෞරව නාමය වන ග්‍රෑන්ඩ් කමාන්ඩර් ඔෆ් ද ඕඩර් ද ඔෆ් ද නයිජර් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ එම ගෞරවය ඉන්දීය - නයිජීරියාවේ උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ඔසවා තැබීමට තමාව දිරිමත් කරන බවයි.

ඔහු නයිජීරියාවේ රජයට සහ ජනතාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කර තිබෙනවා. එමෙන්ම තමාට හිමිවූ ගෞරවය කෝටි 140 ක් පමණ වන ඉන්දියානුවන්ට සහ ජාතීන් දෙක අතර ගැඹුරු මිත්‍රත්වයට කැප කරන බව ද මෝදි පවසා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026