Skip to content
V
ධාවනය වෙමින් තිබූ බස් රථයකින් වැටී කොන්දොස්තරවරයා මියයයි
featured news - උණුසුම් පුවත්

ධාවනය වෙමින් තිබූ බස් රථයකින් වැටී කොන්දොස්තරවරයා මියයයි

By News Room · 18 November 2024

කොන්දොස්තරවරයෙක් ධාවනය වෙමින් තිබූ බස් රථයකින් ඇද වැටී මියගොස් තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක පාපූරුවෙන් අද (18) අලුයම ඇද වැටුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් වන කොන්දොස්තරවරයා මෙසේ මිය ගිය බවයි තලංගම පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. පානදුර ඩිපෝවට අයත් බස් රථය පානදුර සිට මහනුවර දක්වා කඩුවෙල - කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය කර තිබෙනවා.

ඒ අතර කොස්වත්ත මංසන්ධිය ආසන්නයේදී බස් රථයේ පිටුපස පාපූරුවේ සිටි කොන්දොස්තරවරයා සහ මගියෙකු ඉවතට විසි වී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බරපතල තුවාල ලද ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී කොන්දොස්තරවරයා මියගිය බව රෝහල ආරංචි මාර්ග පැවසුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026