Skip to content
V
"ද හෙන්ලි" ශ්‍රේණිගත කිරීම්වලින් 91 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට
featured news - උණුසුම් පුවත්

"ද හෙන්ලි" ශ්‍රේණිගත කිරීම්වලින් 91 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

By News Room · 6 March 2025

එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ "ද හෙන්ලි" ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ලොව ප්‍රබලතම ගුවන්ගමන් බලපත්‍රය ඇති රට බවට පත්ව ඇත්තේ, රටවල් 193කට වීසා රහිතව ගමන්කිරීමේ අවස්ථාව හිමි අග්නිදිග ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුවයි.  ස්ථාන 99ක් නම් කර ඇති මේ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව සමඟ සමතැන් ගෙන ඇත්තේ ඉරානය සහ සුඩානය යන රටවල්ය. ඊට අනුව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වීසා රහිතව ගමන් කළ හැක්කේ රටවල් 42කට පමණි.

ජපානය සහ දකුණු කොරියාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, තෙවැනි ස්ථානය ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවලට හිමිව තිබේ.  ගුවන්ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවන්නේ දකුණු ආසියානු කලාපීය රටක් වන ඇෆ්ගනිස්තානයයි.

2024 වසරේදී නිකුත් වූ මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසු වූයේ 96 වැනි ස්ථානයේ යි. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසර තුළ ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබේ. හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්  ආයතනය, එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා ගුවන්ගමන් බලපත්‍රවල ප්‍රබලත්වය ශ්‍රේණිගත කරන ලොව ප්‍රධානතම ආයතනයකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026