Skip to content
V
දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අනතුරු ඇඟවීම්

By News Room · 22 February 2026

මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩුදුම්බර සහ ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ ඊට අයත්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශද මේ සඳහා ඇතුලත්. මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශවලට මෙම ඇනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප්‍රදේශවලට මෙම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026