Skip to content
V
දිස්ත්‍රික්ක අතර සූකරයන් ප්‍රවාහනය නතර කිරීමට අවධානය
featured news - උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක අතර සූකරයන් ප්‍රවාහනය නතර කිරීමට අවධානය

By News Room · 18 October 2024

සූකරයන් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය හේතුවෙන් දිස්ත්‍රික්ක අතර එම සත්තවයින් ප්‍රවාහනය කිරීම කඩිනමින් නතර කිරීමට අවධානය යොමු වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා හේමාලි කොතලාවල ප්‍රකාශ කළා. බස්නාහිර,වයඹ ඇතුළු පළාත් කිහිපයක එම රෝගය ව්‍යාප්ත වන බවයි ඇය කියා සිටියේ.

එමෙන්ම මීට පෙර බස්නාහිර පළාතේ සූකරයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පළාතෙන් පිට සූකරයින් සහ මස් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගොවිපළවල් හිමියන්ගෙන් මෙන්ම මස් අලෙවි කරන්නන්ගෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව, දඩුගම, රාගම, සහ කදාන යන ප්‍රදේශවල මස් පිණිස සදහා ඇති කරන සූකරයින් අතර කිසියම් රෝගී තත්ත්වයක් පැතිර යන බවටයි සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත්තේ. දඩුගම ප්‍රදේශයේ පමණක් ගොවිපළවල සිටින සූකරයින් දිනකට 50ක් පමණ මිය යන බවයි වාර්තා වන්නේ.

එලෙස මිය යන සූකරයින්ගේ මස් පාරිභෝගිකයින් වෙත අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ විමර්රශනයක් ද ආරම්භ කර ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026