Skip to content
V
දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් මහේෂ් ගම්මන්පිල රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් මහේෂ් ගම්මන්පිල රිමාන්ඩ්

By News Room · 28 April 2025

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

ඒ 2021 වසරේදී චීනයේ  Qingdao Seawin Biotech නම් සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙනි.

අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අදාළ අතිරේක ලේකම්වරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළැඹෙන මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026