Skip to content
V
දේශබන්ධුට ඇප
featured news - උණුසුම් පුවත්

දේශබන්ධුට ඇප

By News Room · 10 April 2025

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇපමත මුදාහැර තිබේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඒ මහතා අත්අඩංගුවට පත්විය.

කෙසේ නමුත් ඒ මහතා දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි අතර, ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණි. පසුව තෙන්නකෝන් මහතා මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවිය.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඒ මහතා අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබුණි. ඒ අනුව තෙන්නකෝන් මහතා අද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026